Empty Ad
AFC Banner
Empty Ad

තරංගගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

උපුල් තරංගගේ විශිෂ්ඨ ශතකය සහ ලහිරු තිරිමාන්නගේ වේගවත් අර්ධ ශතකයත් සමඟ 2025 ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් T20 තරඟාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගන්නට ශ්‍රී ලංකාවට ඊයේ (28) හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 217ක් ලකුණු පුවරුවට එක් කළා.

ලකුණු 218ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02කදී කඩුලු 07ක් පමණක් දැවී තිබිය දී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් දියත් කළ උපුල් තරංග පන්දු 54කින් ලකුණු 102ක් රැස්කළ අතර පන්දු 34කින් ලකුණු 53ක් රැස් කරන්නට තිරිමාන්නට හැකියාව ලැබුණා.

ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 153ක සබඳතාවක් ගොඩ නැඟුවා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු 12 තුළ ලකුණු 16ක් අවශ්‍ය වූ අතර, ජීවන් මෙන්ඩිස් සහ සීක්කුගේ ප්‍රසන්න එම ඉඋල්ලකය පහසුකර දුන්නා.

කෙසේ වෙතත් 09 වන කඩුල්ලට පිටියට පිවිසි චතුරංග ද සිල්වා තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිකර දුන්නා.

ඒ, අනුව මෙම තරගය කඩුලු 03 කින් ජයගත් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම තරගාවලියේ තමන් සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:00:46
Video thumbnail
ඉදිරියේදී තෙල් නැතිවෙයිද - මෙන්න ඇත්ත නැත්ත
22:19
Video thumbnail
හිරුණිකා ෆයර් වෙයි - අහලම බලන්නකෝ
04:18
Video thumbnail
L බෝඩ් එකේ ගිහින්නම් මේ අවුරුදු 5ම ආණ්ඩුවට අමාරුයි
00:07
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ සජබ පා.ම නීතිඥ චිත්‍රලාල් ප්‍රනාන්දු සහභාගිවන කස්තිරම සජීවීව
01:21:15
Video thumbnail
L බෝඩ් එකේ ගිහින්නම් - ආණ්ඩුවට මේ අවුරුදු පහ යන්න හරි අමාරුයි
01:39
Video thumbnail
ලංකාවේ මිනිස්සු කනාමැදිරි එළියටත් බය වෙන එකත් සාදාරනයි
09:53
Video thumbnail
තෙල් පෝලිම්වල මිනිස්සු හොඳටම ඇවිස්සෙයි
12:04
Video thumbnail
තෙල් පෝලිම් ගැන අනියත බියක් තියෙන්නේ - ජනාධිපතිට පුළුවන් මිනිස්සු හැමදාම සනසන්න කතා කියන්න
05:58
Video thumbnail
අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන්නේ මෙන්න මෙහෙමයි
00:58

?