ණයට වෙන් කළ ලොතරැයියේ දිනුම වෙළෙන්දිය හිමිකරුට දන් දෙයි

ණයට ඇනවුම් කළ ලොතරැයියට හිමි වූ රුපියල් ලක්ෂයක මුදල හිමිකරුට ලබාදුන්  ලොතරැයි වෙළෙන්දියක් පිළිබඳ පුවතක් පිටිගල තලගස්පෙ ප්‍රදේශයෙන්  වාර්තා වෙයි.

දිනපතා ලොතරැයි කීපයක් වෙන්කරන තරුණයකු සුපුරුදු පරිදි පසුගිය දිනක තමන්ට ලොතරැයි පහක් තබන්නැයි දැන්වීය. පසුදින ලොතරැයි රැගෙන ඒමට නොපැමිණියද වෙන්කර තිබූ ලොතරැයි පත් එම කාන්තාව විසින් පරීක්ෂා කර බැලුවාය.

එසේ වෙන් කර එක් ලොතරැයියකට රුපියල් ලක්ෂයක මුදලක්  දිනා ඇති බව ඇයට පෙනී ගියාය.  ඒ මොහොතේම දුරකතනයෙන් කතා කර වෙන් කළ ලොතරැයි දිනුමට රුපියල් ලක්ෂයක් දිනා ගෙන ඇති බව දැන්වීය.

එපමණක් නොව ඔහුට හිමි ලොතරැයි දිනුම කඩිනමින් ලබා ගැනීමට ඇය සලසා දුන්නාය.

දිනුම ලබාගත් තරුණයා ඉතා සතුටින් ලොතරැයි වෙළෙන්දියට රුපියල් 5000ක් තෑගි කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  තලගස්පේ පාසල අසල අදටත් ලොතරැයි අලෙවි කරන කේ.කේ. විජිත මලිල්කා මහත්මිය අදහස් දක්වමින් මෙසේ කීවාය. ‘‘ මගෙන් ටිකට් මිලදී ගන්න අයකුට වාසනාවක් ලැබුණා ඔහුට එය ලබාදීම මගේ යුතුකමක්‘‘

– Lankadeepa

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
288
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27