ඩෙල්ටා වැළදුනු අයෙකුට ඇති වන භයානක තත්වය

ලොව රටවල් 142ක් කර ව්‍යාප්ත වී ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එක් පුද්ගලයෙකුට නැවත නැවත වැලඳීමේ සම්භාවිතාවයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. එම සංවිධානය පෙන්වාදෙන්නේ, මිනිස් සිරුර තුළ අසාමාන්‍ය වේගයකින් ගුණනය වීමේ හැකියාවක් ද ඩෙල්ටා ප්‍රභේදය සතුව පවතින බවය.

ඩෙල්ටා ව්‍යාප්තිය නිසා කොවිඩ් සාර්ථකව පාලනය කර සිටි චීනය තුළ නැවතත් වෛරසය හිස ඔසවමින් පවතී. එරටින් ඊයේත් ආසාදිතයින් 81 දෙනෙක් හඳුනාගත් අතර ඒ සමග එරට තවත් ප්‍රදේශ 4ක් අධි අවදානම් කලාප ලැයිස්තුවට ඇතුළත් කෙරුණි . ඒ සමග ලොව තෙවැනියට වඩාත්ම කාර්යබහුල වරාය වන චීනයේ නින්ග්බෝ -ජෝෂාන් වරාය අර්ධ වශයෙන් වසාදැමීමටත් පියවර ගැනුණි.

ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙන්නේ මේ නිසා නත්තල් සමය ඉලක්ක කරගත් සැපයුම් ප්‍රමාදවීමෙන් ගෝලීය වෙළෙදපොළ අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බවය. මේ අතර, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය අයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් ඊයේ ආසාදිතයින් 390ක් වාර්තාවුණේ වසංගතය ආරම්භයෙන් පසු හඳුනාගත් එරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් වර්තකරමිනි.

එරට කැන්බරා අගනුවරට පූර්ණ සංචරණ සීමා පැනවුයේ එක් ආසාදිතයෙක් වාර්තාවීම හේතුවෙනි. ඊයේත් එම නගරයෙන් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා විය. මේ අතර, ජපානයෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. එය 17,196කි.

ඉන් 4,989ක් වන වැඩිම ආසාදිතයන් පිරිස හඳුනාගෙන තිබෙන්නේ ටෝකියෝ අගනුවරිනි. ඉන්දියාවේ ජනාකීර්ණ මුම්බායි නගරයේ පළමු “ඩෙල්ටා ප්ලස්” ආසාදිත මරණය පසුගියදා වාර්තාවී තිබුණි. එසේ මියගොස් ඇත්තේ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන සිටි කාන්තාවකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09