AFC Banner
AFC Banner
Empty Ad

ඩෙංගු වැළඳී සරසවි සිසුවියක් ජීවිතක්ෂයට

ඩෙංගු රෝගය වැළඳී රෝහල් ගත කළ යාපනය විශ්ව විද්‍යාලීය සිසුවියක් ඊයේ (24) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සිසුවිය යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ තැනැත්තියක්.

ගුණරත්නම් සුබීනා නැමැති මෙම සිසුවිය ඩෙංගු රෝගය වැළඳී යාපනය, තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත්වූ සිසුවියගේ මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ දී සිදුකර ඇති අතර, ඩෙංගු උණ රෝගය සමඟ හටගත් සංකූලතාවයන් මෙම මරණයට හේතු වී ඇති බවයි එහිදී නිරීක්ෂණය වී ඇත්තේ.

යාපනය රෝහල තුළ මේ වන විටත් ඩෙංගු රෝගීන් 114 දෙනෙකු නේවාසික ප්‍රතිකාර ලබන බව එම රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති සඳහන් කරනවා.

යාපනය දිස්ත්‍රික්කය තුළ ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්ධනය කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ හා පළාත් පාලන අංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ද පසුගියදා
සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?