ඩෙංගු වැළඳී සරසවි සිසුවියක් ජීවිතක්ෂයට

ඩෙංගු රෝගය වැළඳී රෝහල් ගත කළ යාපනය විශ්ව විද්‍යාලීය සිසුවියක් ඊයේ (24) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සිසුවිය යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ තැනැත්තියක්.

ගුණරත්නම් සුබීනා නැමැති මෙම සිසුවිය ඩෙංගු රෝගය වැළඳී යාපනය, තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත්වූ සිසුවියගේ මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ දී සිදුකර ඇති අතර, ඩෙංගු උණ රෝගය සමඟ හටගත් සංකූලතාවයන් මෙම මරණයට හේතු වී ඇති බවයි එහිදී නිරීක්ෂණය වී ඇත්තේ.

යාපනය රෝහල තුළ මේ වන විටත් ඩෙංගු රෝගීන් 114 දෙනෙකු නේවාසික ප්‍රතිකාර ලබන බව එම රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති සඳහන් කරනවා.

යාපනය දිස්ත්‍රික්කය තුළ ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්ධනය කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ හා පළාත් පාලන අංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ද පසුගියදා
සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39