ටොයියෝ, බයියෝ ජෙප්පෝ කියලා දැන් මේ රට බෙදිලා ඉන්නවා

තාත්තලා ගත්ත උපක්‍රම අපට තෝරාගන්න බැරි වෙයි. ඒ සටන් මේ කාලයට ගැලපෙන්නේ නෑ.   ස්මාට් ෆෝන් එකත් එක්ක ගැට ගැහිච්ච ලෝකයක් අද තියෙන්නේ. ඒ ලෝකය ඇතුලේ අපට අලුත් සටනක් කරන්න යැයි රෝහණ විජේවිර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා පැවැසීය.

සේවා, කෘෂි සහ නිෂ්පාදන ආර්ථිකය නිසි කළමනාකරණයකට ලක් කරලා මේ ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගෙන රට ගොඩ ගන්න පුලුවන්. ඒවා කරන්න පුලුවන් මිනිස්සු මේ රටේ ඉන්නවා.
නිල්, කොළ, රතු විදියට නැත්නම් ටොයියෝ, බයියෝ ජෙප්පෝ කියලා දැන් මේ රට බෙදිලා ඉන්නවා. මේ පක්‍ෂ තුල අඩුවැඩි වශයෙන් හොඳ මිනිස්සු ඉන්න පුලුවන්. මේ බෙදීම රටට හොඳ නැහැ. නරක මිනිස්සු එකතුවෙලා මේ රට විනාශයට ඇදගෙන යනවා. නරක මිනිස්සුන්ට එකට එකතුවෙන්න පුලුවන් නම් එක පක්‍ෂයකට ලඝු නොවූ හොඳ මිනිස්සුන්ට එකට එකතු වෙන්න පුලුවන් වේදිකාවක් තිබිය යුතුයි.

හැම පක්‍ෂයකම ඉන්න හොඳ මිනිස්සුන්ට එකට එකතුවිය හැකි වේදිකාවක් ලෙස තමයි අපි දෙවන පරපුර නිර්මාණය කරන්නේ.
දෙවන පරපුරට අවශ්‍ය ප්‍රතිපත්ති මතවාදය යම් ප්‍රමාණයකට නිර්මාණය කරලා තියෙනවා. දෙවන පරපුර හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනයනවාට වැඩිය අපි හිතන්නේ ජාතික චින්තනයක් ගොඩ නගන්න. මේ රටට උවමනා ජාතික චින්තනයක්. ඊට අවශ්‍ය සම්පත්, ආගමික නායකයන්,  විද්වතුන්, බුද්ධිමතුන්, තරුණයන් එකතු කරමින් මේ ජාතික චින්තනය පෝෂණය කරන්න ඕනෑ වැඩපිළිවෙල අපි නිර්මාණය කරගෙන යනවා.  ඒකට අපිට මිනිස්සු ඕනෑ. අපේ බලාපොරොතතුව තවත් උවිඳු විජේවීර චින්තනයක් හදන්න නෙවෙයි. අවුරුදු හැත්තෑතුනක් තිස්සේ අපි අරයගේ චින්තනය, අරයගේ දැක්ම කියන ඒවා පස්සේ ගියා. නමුත් අපිට ජාතික චින්තනයක් නැතිවුණා. අපිට ඕනෑ පක්‍ෂ දේශපාලනයක් නෙවෙයි ජාතික චින්තනයක්. ජාතික දැක්මක්. ඒක මේරටේ මිනිස්සුන්ට දිය යුතුයි.

කුරුවිට පැවැති හමුවකදි උවිඳු විජේවීර මහතා මේ බව පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?