ටී 56ක් සමඟ මෝටර් රථයක් දමා පැනගිය සැකකරු මසකට පසු අල්ලයි

රාගම පොලිස් වසමේදී ටී 56 ගිනි අවියක් සමගින් මෝටර් රථයක් දමා පළා යාමේ අපරාධය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (23) දිනයේ මෙම සැකකරුවන් දෙදෙනා වත්තල, ඔලියමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ .

සැකකරුවන් අවුරුදු 52 හා 54 වයස්වල පසුවන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20 යි මිලිග්‍රෑම් 520ක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (24) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

පසුගිය වසරේ 12 මස 23 වනදා රාගම ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?