ටීචර් අම්මාගේ සිද්ධිය මාධ්‍යට කියූ කටාන ඕ.අයි.සීට එරෙහිව විනය පරීක්ෂණයක්

කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස මීගමුව කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ශිෂ්‍යත්ව උපකාරක පංති ගුරුවරියක්වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නැමැත්තිය ඇය යටතේ සේවය කළ තරුණයෙකුට පහර දී නීතියෙන් සැඟව සිටීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම ඇතුළු ඒ සම්බන්ධයෙන කටයුතු කළ ආකාරය පිළිබඳව මෙම විනය පරීක්ෂණය පැවැත්වීමට ඉල්ලීම සිදුකර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර දින ගණනාවක් සැඟව සිටි හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය පසුගිය 14 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු ඇප මත මුදාහැරුණා.

මේ අතර පහර කෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ තරුණයා උපකාරක පංතියේ පරිගණක අංශයේ පුහුණුව සඳහා පැමිණි තරුණියකට අතවර කිරීමට තැත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
58
+1
2
+1
5
+1
2
+1
20
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10