ටීචර් අම්මාගේ සිද්ධිය මාධ්‍යට කියූ කටාන ඕ.අයි.සීට එරෙහිව විනය පරීක්ෂණයක්

කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස මීගමුව කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ශිෂ්‍යත්ව උපකාරක පංති ගුරුවරියක්වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නැමැත්තිය ඇය යටතේ සේවය කළ තරුණයෙකුට පහර දී නීතියෙන් සැඟව සිටීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම ඇතුළු ඒ සම්බන්ධයෙන කටයුතු කළ ආකාරය පිළිබඳව මෙම විනය පරීක්ෂණය පැවැත්වීමට ඉල්ලීම සිදුකර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර දින ගණනාවක් සැඟව සිටි හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය පසුගිය 14 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු ඇප මත මුදාහැරුණා.

මේ අතර පහර කෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ තරුණයා උපකාරක පංතියේ පරිගණක අංශයේ පුහුණුව සඳහා පැමිණි තරුණියකට අතවර කිරීමට තැත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

  1. විනය පරීක්ෂණය කළ යුත්තේ, පොලිස් අධිකරීටත් ඔයිසීටත් එක්ක, ටීචර් අම්මව හංගගෙන හිටියට

  2. මේක තවත් සිරසේ ගොන් දෙපැයේ නාට්‍යක් වගෙ. බැලු බැල්මට ටියුෂ ගුරාලගෙ මරා ගැනිල්ලක්. මේ කාන්තාව අනිත් ගුරාලව පාස් කරලා හම්බ කරනවා. මාකටින් අති විශේෂයි. අනිත් ගුරාල ටික එකතු වෙලා වියදම් කරලා ගැහුවා ගේමක්.

  3. මේ ගුරුවරිය ගේ ඇතුලාන්තය විස සහිතයි. බොරු කරුණාවක් දරුවන් ට පෙන්නනවා. අම්මලා රැවටෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39