ටිල්වින් ඇතුළු පිරිසක් වුස ගම්මානයේ නියෝජිතයින් පිරිසක් හමුවෙති

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව මේ දිනවල (ජුනි 11) චීනයේ සංචාරයක නිරත ව සිටින, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස ඊයේ (10) ‘ද චිං’ ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ ජාත්‍යන්තර භූගෝලීය තොරතුරු මධ්‍යස්ථානයක සහ චිං ප්‍රාදේශිකයේ වෙට් වයිප්ස් (Wet wipes) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට එක් වුණා.

එහිදී, වූස ගම්මානයේ ප්‍රධානීන් සහ හූ ජෝ නගරයේ උප නගරාධිපති ඇතුළු නියෝජිතයින් සමග සාකච්ඡාවක් ද සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

නවීන තාක්ෂණය ද යොදා ගනිමින් වූසූ ගමේ කසළ ප්‍රශ්නය විසඳා ඇති ආකාරය පිළිබඳ ව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා.

ගමේ සංවර්ධනය සඳහා කාන්තාවන් විශේෂ දායකත්වයක් ලබාදෙන බවයි මෙම සාකච්ඡාවේ දී අනාවරණය කෙරුණේ.

වගාවන් සඳහා රසායනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය භාවිතයේ දී චීන මධ්‍යම රජය හඳුන්වා දී ඇති ප්‍රමිතීන් අනුගමනය කිරීම අනිවාර්යය බව ද ගමේ ජනතාව එම පරාමිතීන් නිසි ලෙස අනුගමනය කරමින් වගා කටයුතු කරන බව ද එහිදි අනාවරණය වුණා.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර් ඇතුළු පිරිසක් එක් වී සිටි අතර හූ ජෝ නගරයේ උප නගරාධිපති ජන් ශින්යු, හූ ජෝ නගරයේ ද චිං ප්‍රාදේශිකයේ උප නගරාධිපතිනිය වන ෂී මින්ලී, වුස ගම්මානයේ චීන කොමියුනිස්ට් පක්ෂ ලේකම් සහෝදරයා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?