ටිල්වින් ඇතුළු පිරිසක් වුස ගම්මානයේ නියෝජිතයින් පිරිසක් හමුවෙති

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව මේ දිනවල (ජුනි 11) චීනයේ සංචාරයක නිරත ව සිටින, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස ඊයේ (10) ‘ද චිං’ ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ ජාත්‍යන්තර භූගෝලීය තොරතුරු මධ්‍යස්ථානයක සහ චිං ප්‍රාදේශිකයේ වෙට් වයිප්ස් (Wet wipes) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට එක් වුණා.

එහිදී, වූස ගම්මානයේ ප්‍රධානීන් සහ හූ ජෝ නගරයේ උප නගරාධිපති ඇතුළු නියෝජිතයින් සමග සාකච්ඡාවක් ද සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

නවීන තාක්ෂණය ද යොදා ගනිමින් වූසූ ගමේ කසළ ප්‍රශ්නය විසඳා ඇති ආකාරය පිළිබඳ ව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා.

ගමේ සංවර්ධනය සඳහා කාන්තාවන් විශේෂ දායකත්වයක් ලබාදෙන බවයි මෙම සාකච්ඡාවේ දී අනාවරණය කෙරුණේ.

වගාවන් සඳහා රසායනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය භාවිතයේ දී චීන මධ්‍යම රජය හඳුන්වා දී ඇති ප්‍රමිතීන් අනුගමනය කිරීම අනිවාර්යය බව ද ගමේ ජනතාව එම පරාමිතීන් නිසි ලෙස අනුගමනය කරමින් වගා කටයුතු කරන බව ද එහිදි අනාවරණය වුණා.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර් ඇතුළු පිරිසක් එක් වී සිටි අතර හූ ජෝ නගරයේ උප නගරාධිපති ජන් ශින්යු, හූ ජෝ නගරයේ ද චිං ප්‍රාදේශිකයේ උප නගරාධිපතිනිය වන ෂී මින්ලී, වුස ගම්මානයේ චීන කොමියුනිස්ට් පක්ෂ ලේකම් සහෝදරයා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06