ට්‍රැක්ටරය හෝදන්න ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදී මිය යයි

ඊයේ (26) සවස වැලිකන්ද පොලිස් වසමේ මහින්දාගම ප්‍රදේශයේ විදුලි සැර වැදීම හේතුවෙන් වැලිකන්ද රෝහලට ඇතුලත් කරන ලද පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු 58 හැවිරිදි අසේලපුර, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙලෙස මිය ගිය පුද්ගලයා වතුර විදින යන්ත්‍රයක් ආධාරයෙන් ට්‍රැක්ටර් රථයක් සේදීමට යාමේදී වතුර විදින යන්ත්‍රයට විදුලිය ලබා ගත් විදුලි රැහැනෙන් විදුලි සැර වැදී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?