ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධානී ෂකේරිට ශ්‍රී ලංකාව තුළ විශාල අපරාධයක් සිදුකිරීමට උපදෙස් ලැබිලා

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ ඉරානයේ අසාර්ථක කුමන්ත්‍රණය පිටුපස සිටින ෆර්හාඩ් ෂකේරි නැමැති ඇෆ්ගන් ජාතිකයාට එරෙහිව එක්සත් ජනපද මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය මඟින් අධි චෝදනා ගොනුකර තිබෙනවා.

මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරදඬුවම් විඳීමෙන් පසු 2008 වසරේ දී එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන ලද 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) වෙනුවෙන් කුලියට මිනීමැරීම් සහ කුමන්ත්‍රණය සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

2008 වසරේ දී එක්සත් ජනපදයෙන් පිටුවහල් කළ මෙම භයානක අපරාධකරු මේ වනවිට ඉරානයේ නිදහසේ ජීවත්වන බවයි විදෙස් වාර්තා අනාවරණය කර ඇත්තේ.

මෑන්හැටන් ෆෙඩරල් උසාවියේ ගොනු කරන ලද අපරාධ පැමිණිල්ලකට අනුව, 2024 සැප්තැම්බර් මාසයේ දී, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරන අවධියේ ඔහුව නිරීක්ෂණය කිරීමට සහ අවසානයේ ඔහුව ඝාතනය කිරීමට ඉරාන විසින් ෂකේරිට කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවයි පවසන්නේ.

ෆර්හාඩ් ෂකේරිට ගොනුකර ඇති අධි චෝදනා පත්‍රයේ දක්වා ඇති පරිදි 2019 වසරේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 92ක් සමඟ ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු බන්ධනාගාර ගතව සිටි අයෙක්.

ෂකේරි කියා සිටියේ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් නියම කරන ලද කාල රාමුව තුළ ට්‍රම්ප් මරා දැමීමේ සැලැස්මක් යෝජනා කිරීමට තමා අදහස් නොකළ බවයි.

මේ අතර නිව් යෝර්ක් හි සිටින යුදෙව් ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු ගැන විමසිල්ලෙන් සිටීමට ෂකේරිට පැවරී ඇති අතර එක් ඉලක්කයක් ඝාතනය කිරීම සඳහා ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිලධාරියෙකු විසින් ඩොලර් 500,000 පිරිනමා ඇති බවට ද වාර්තා වනවා.

ඊට අමතරව, ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ගන්නා ලෙස ඔහුට උපදෙස් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
6
+1
3
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?