එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැය 48ක නවතම අවසාන නිවේදනය සම්බන්ධයෙන් ඉරානය දැඩි ප්‍රතිචාර දක්වා තිබෙනවා.
“ඇමරිකානු සහ සියොන්වාදී” සතුරන් ආක්‍රමණයක් සිදු කළහොත්, එය “අඛණ්ඩ හා විනාශකාරී” පළිගැනීමේ ප්‍රහාර දියත් කරන බවයි ඉරාන හමුදාවේ මධ්‍යම මූලස්ථානයේ අණදෙන නිලධාරී මේජර් අලි අබ්දොලාහි පවසන්නේ.
ඉරානයේ මධ්‍යම හමුදා මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆගාරි ද අනතුරු ඇඟවූයේ එක්සත් ජනපද “ආක්‍රමණශීලීත්වය පුළුල් වුවහොත් එය මුළු කලාපයම ඔබට නිරයක් බවට පත්වනු ඇති” බවයි.
එකඟතාවකට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයට ඇත්තේ, තවත් පැය 48ක් පමණ බව ජනාධිපති ට්‍රම්ප් සිය ටෲත් සමාජ මාධ්‍යහි සටහනක් තබමින් පවසා තිබුණේ.
ට්‍රම්ප් පෙන්වා දෙන්නේ මේ සඳහා තමන් ඉරානයට දින 10ක් ලබා දුන් බවයි.













