AFC Banner
AFC Banner
Empty Ad

ජෙරොම් ප්‍රනාන්දු හෙටත් CIDයට

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හෙට දිනයේත් පැමිණෙන ලෙසට දැනුම්දී තිබෙනවා.

වැඩිදුරටත් ප්‍රකාශ ලබා ගැනීමේ අරමුණින් ඔහුට හෙට දිනයේ ද පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියාසිටියේ.

බුදු දහම ඇතුලු ආගම්වලට අපහාස කිරීමේ චෝදනා එල්ලවූ ජෙරොම් ප්‍රනාන්දු මාස කිහිපයක් විදෙස්ගතව සිට පසුගියදා දිවයිනට පැමිණියා.

ඒ සැකකරු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවට පැමිණ පැය 48ක් ඇතුලත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග ලැබී තිබුණා.

ඒ අනුවයි අද පෙරවරුවේ ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ.

අද දිනයේ ඔහුගෙන් පැය 8ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?