ජෙරොම් ප්‍රනාන්දු හෙටත් CIDයට

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හෙට දිනයේත් පැමිණෙන ලෙසට දැනුම්දී තිබෙනවා.

වැඩිදුරටත් ප්‍රකාශ ලබා ගැනීමේ අරමුණින් ඔහුට හෙට දිනයේ ද පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියාසිටියේ.

බුදු දහම ඇතුලු ආගම්වලට අපහාස කිරීමේ චෝදනා එල්ලවූ ජෙරොම් ප්‍රනාන්දු මාස කිහිපයක් විදෙස්ගතව සිට පසුගියදා දිවයිනට පැමිණියා.

ඒ සැකකරු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවට පැමිණ පැය 48ක් ඇතුලත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග ලැබී තිබුණා.

ඒ අනුවයි අද පෙරවරුවේ ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ.

අද දිනයේ ඔහුගෙන් පැය 8ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09