ජුනි 24,25 හා 26 තෙදින පාසල්වල අනධ්‍යයන සේවක වර්ජනයක්

දිවයින පුරා රජයේ පාසල්වල සේවය කරනු ලබන අධ්‍යාපන අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් රජය මගින් මෙතෙක් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් මෙමස 24, 25 හා 26 දිනයන් හි දීප ව්‍යාප්තව සියලු තනතුරුවලට අයත් අනධ්‍යයන සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

එහි සභාපති කුමුදු එස්. කටපොලුගෙ සඳහන් කළේ; උසස්විම් ක්‍රමවේදයක් මෙතෙක් ලබා නොදීම, ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකිරීම, ක්‍රමානුකූල ස්ථාන මාරුවීම් ක්‍රමවේද නොතිබීම, තනතුරු නාම නිසියාකාර ව ක්‍රියාත්මක නොවීම, ඇතැම් විදුහල්පතිවරුන්ගේ තාඩන පීඩන නැති පරිසරයක් නොවීම, අතිකාල දීමනා නොගෙවා වැඩ ගැනීම ආදී ගැටලු රැසක් මුල් කරගනිමින් මෙම සිදු කරන බවයි.

උපාධි ඩිප්ලෝමාධාරීන් සඳහා නිසි ක්‍රමවේද ක්‍රියාත්මක නොවීම, වාරාන්තර නිවාඩු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සහ ජීවත් විය හැක පරිදි වැටුප් විෂමතා ඉවත් කිරීම, පාසල් කටයුතු අවසන් කර 1:30ට පාසලෙන් බැහැරවීමට අවස්ථාව ලබාදීම සහ තනතුරට අදාළ රාජකාරියේ පමණක් සේවකයන් නොයෙදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පාලකයන් දැනුවත් කළ ද; කිසිදු ප්‍රතිඵලයක් නොවීම මත ඔවුන් වැඩ වර්ජනය සිදු කරන බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10