AFC Banner
AFC Banner
Empty Ad

ජිමී කාටර්ගේ අභාවය වෙනුවෙන් ජනපති අනුර ශෝකය පළකරයි

එක්සත් ජනපද හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළකර තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුම වෙත විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසන්නේ; හිටපු එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර්ගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට තම බලවත් ශෝකය පළකර සිටින බවයි.

ජිමී කාටර් ජනාධිපතිවරයාගේ අසාමාන්‍ය ජීවිතය සාමය, මානව හිමිකම් සහ මානුෂීය කටයුතු සඳහා නොසැලෙන කැපවීමකින් සනිටුහන් වූ බවයි අනුර කුමාර ජනාධිපතිවරයා පවසන්නේ.

එමෙන්ම ඔහුගේ උරුමය සැමට යහපත් ලෝකයක් ගොඩනැගීමට බලාපොරොත්තුවේ පහනක් ලෙස ජීවත් වේවා යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල එක්ස් ගිණුමේ තැබූ ශෝක සටහනේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?