ජාතික සත්ත්ව සංගණනයට කෝටි ගාණක් වැය වූයේ නැහැ – සත්ත්ව සංගණන වාර්තාවත් එළියට

මෙම වසරේ මාර්තු මස 15 වැනි දින දිවයින පුරා සිදු වූ ජාතික සත්ත්ව සංගණනයට වැය වූ වියහියදම් පිළිබඳ ව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ පැතිරෙන බවත්, ඒ හේතුවෙන් ඊට අදාළ ව නිශ්චිත ව කොපමණ මුදලක් මෙම ජාතික කර්තව්‍යයට වැය වූ බව මහජනතාවට දැනුම්දිය යුතු බැවින් ඒ පිළිබඳ ව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.

අද (12) දහවල් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක දී, කෘෂිකර්ම තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා පැවසුවේ ඉතාමත් අවම මුදලකින් ප්‍රතිඵල සාර්ථක ව ලබා ගැනීමට මෙම සත්ත්ව සංගණනයට හැකි වූ බවයි.

ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල සඳහන් වන පරිදි කෝටි ගණනක මුදල් වැය නොවූ බවත්, විශේෂ කමිටුවක් පත් කර, ඒ සමග සාකච්ඡා කර, වැඩි ගුණාත්මකභාවයක් සහ අඩු වියදමකින් මෙම කර්තව්‍යය සිදු කළ බවයි හේමන්ත මහතා පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් ම ජාතික සත්ත්ව සංගණනයට මුදල් වැය වූයේ අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කිරීමට හා ඒවා දිවයින පුරා බෙදාහැරීමට පමණක් බව ද කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂවරයා පැවසුවා.

මිලියන 07ක සංගණන පත්‍රිකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සහායෙන් මුද්‍රණය කරගත් බවත්, ඒ වෙනුවෙනු රුපියල් විසිහතර ලක්ෂ හැත්තෑ අටදහසක මුදලක් වැය වූ බවත්, එක් පත්‍රිකාව මුද්‍රණයට වැය වී ඇත්තේ ශත 30ක මුදලක් බව ද කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂවරයා අදාළ චෙක්පත් ඉන්වොයිස් ඇතුළත් ලිපි ලේඛන මගින් පෙන්වා දුන්නා.

මෙම පත්‍රිකා දිවයින පුරා බෙදා හැරීමට වාහන 04ක් යෙදූ බවත් ඒවායේ ඉන්ධන සඳහා රුපියල් විසිහත් ලක්ෂ දහසය දහස් තුන්සිය දාහතරක් නැතහොත් මිලියන 2.7ක මුදලක් වැය වූ බවත්, බොහෝ අවස්ථාවල ඇතැම් බස් රථ හිමියන් සහ රියදුරන් මෙම පත්‍රිකා බෙදා හැරීමට නොමිලේ උදව් දීම සම්බන්ධයෙන් ද මෙහිදී හේමන්ත අමරසිංහ මහතාගේ ප්‍රශංසාවට ලක් වුණා.

මේ අතර වනසතුන්ගෙන් සිදු වන හානි ගැන විවිධ පැමිණිලි ලැබුණ ද, ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ යොමු වීම මත මෙම විශේෂ සංගණනය පැවැත්වූ බවත්, එහිදී අරමුණ වූයේ ආහාර බෝග වගාවන්ට සිදු වන වනසත්ත්ව හානිය අවම කිරීමට මෙම සතුන් කළමනාකරණයට ගත යුතු ක්‍රියාමාර්ග හා නිර්දේශ ඉදිරිපත් කිරීම බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චිත්‍ර නයනා මහත්මිය පැවසුවා.

එබැවින් ජනතාවට සහ නිලධාරීන්ට පහසු මෙන් ම අඩු වියදමක් සහිත වැඩි ප්‍රතිඵල දෙන ක්‍රමවේදයක් පත් කරන ලද විශේෂ කමිටුව මගින් සාකච්ඡා කර මෙම සත්ත්ව සංගණනය සිදු කළ බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මෙම වසරේ සිදු කළ ජාතික සත්ත්ව සංගණනයේ දී වාර්තා වූ ආහාර බෝගවගාවලට හානි කරන සතුන්ගේ වාර්තාව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණා.

ඒ අනුව මෙරට තුළ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් රිලවු මිලියන 5.71ක්, වඳුරන් මිලියන 1.74ක්, දඬු ලේනුන් මිලියන 2.26ක් සහ මොනරුන් මිලියන 4.24ක් සිටින බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?