Empty Ad
Empty Ad
 Empty Ad

ජාතික ජන බලවේගයට සහය දුන් ගුවන් හමුදා විශ්‍රාමික නිලධාරියෙකු අසාදු ලේඛනගත කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමන්ව අසාදු ලේඛණ ගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් සම්පත් සජීව තුයියකොන්ත විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් 1988 වසරේ මැයි මස 17 වනදා ශ්‍රී ලංකාව ගුවන් හමුදාවේ නියමු නිලධාරියෙකු වශයෙන් සේවයට එක්ව උතුරු නැගෙනහිර යුද්ධය ඇතුළු මෙහෙයුම් ගණනාවකට සහභාගි වී ඇති බවයි.

ඒ වෙනුවෙන් වීරවික්‍රම විභූෂණ, රණශූර ඇතුළු පදක්කම් රාශියක් තමන්ට හිමි වී තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඉකුත් මාර්තු මස 10 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් පළ කෙරුණු අතර එම ලිපිය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තමන්ව අසාදු ලේඛනගත කර ඇති බව ප්‍රකාශ කර තිබුණේ යැයි ද පෙත්සම්කරු කියා සිටියා.

මෙවැනි අසාදු ලේඛන ගත කිරීමක් පිළිබඳව ශ්‍රී ලංකාව ගුවන් හමුදාව මෙතෙක් තමන්ට දැනුවත් කර නොමැති බවත් තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් පෙන්වා දෙන පෙත්සම්කරු මෙවැනි අසාදු ලේඛන ගත කිරීමේ තීරණයක් ගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමාගෙන් කිසිදු නිදහසට කරුණු විමසීමක් සිදු නොකළ බවත් පෙන්වා දෙයි.

එමෙන්ම විශ්‍රාමික නිලධාරියෙකු සම්මත නීති පටිපාටින් අනුගමනය කිරීමකින් තොරව අසාදු ලේඛන ගත කිරීමට ගුවන් හමුදා රෙගුලාසි ප්‍රකාරව ගුවන් හමුදාපතිවරයා හෝ ඔහුගේ නියෝජිත නිලධාරීන්ට බලයක් හිමි වී නොමැති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවෙහි සිය මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අසාදු ලේඛන ගත කිරීම සිදු වු බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් කිසිදු අවස්ථාවක ගුවන් හමුදාවේ ගෞරවය උල්ලංඝනය කර නොමැති බවත් පෙන්වා දෙනවා.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අසාධු ලේඛන ගත කරමින් සිය විශ්‍රාමික වරප්‍රසාද හා අයිතිවාසිකම් අහිමි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්සිකරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5 ක වන්දියක් අය කර දෙන ලෙස නියම කරන මෙන් ද ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් ආයුධ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම වෛද්‍ය අර්චුනා රාමනාදන් සමඟින් මුහුණට මුහුණ විශේෂ "Open Heart " වැඩසටහන | සජිවීව
49:26
Video thumbnail
ජනපති අනුරගේ Clean Sri Lanka අකුරට කරන විදේශිකයා
03:30
Video thumbnail
රට බෙදන්න මම කැමති නෑ - මෙන්න සුපිරි කතාවක්
06:52
Video thumbnail
අර්චුනා මන්ත්‍රීතුමා සමාව ඉල්ලයි
09:25
Video thumbnail
සජිත් සහ සුජීව අතර හදීසියේ විශේෂ සාකච්ඡාවාක් - ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සුජීවට ?
05:11
Video thumbnail
සිලින්ඩරේ සෙට් එක හොරෙන් පැනලා ගිය හැටි
03:03
Video thumbnail
කොරියානු E8 වීසා වලට බියුරෝ අවසරය වහා ලබාදෙනු ! - විජිත හේරත්ට ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසයි
05:47
Video thumbnail
මම දන්නේ නෑ, කියන්නේ නෑ නෑ නෑ - මට තරහා යනවා
02:23
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ වෙන්න අපි බයවෙන්නේ නෑ
06:23
Video thumbnail
ලංකාවම ආර්ථික අර්බුධයෙන් ගොඩගන්න හාරපු නිධානයත් අවසානයේදී කලු ගලක් වෙයි ?
05:59

?