ජාතික ජන බලවේගයට සහය දුන් ගුවන් හමුදා විශ්‍රාමික නිලධාරියෙකු අසාදු ලේඛනගත කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමන්ව අසාදු ලේඛණ ගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් සම්පත් සජීව තුයියකොන්ත විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් 1988 වසරේ මැයි මස 17 වනදා ශ්‍රී ලංකාව ගුවන් හමුදාවේ නියමු නිලධාරියෙකු වශයෙන් සේවයට එක්ව උතුරු නැගෙනහිර යුද්ධය ඇතුළු මෙහෙයුම් ගණනාවකට සහභාගි වී ඇති බවයි.

ඒ වෙනුවෙන් වීරවික්‍රම විභූෂණ, රණශූර ඇතුළු පදක්කම් රාශියක් තමන්ට හිමි වී තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඉකුත් මාර්තු මස 10 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් පළ කෙරුණු අතර එම ලිපිය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තමන්ව අසාදු ලේඛනගත කර ඇති බව ප්‍රකාශ කර තිබුණේ යැයි ද පෙත්සම්කරු කියා සිටියා.

මෙවැනි අසාදු ලේඛන ගත කිරීමක් පිළිබඳව ශ්‍රී ලංකාව ගුවන් හමුදාව මෙතෙක් තමන්ට දැනුවත් කර නොමැති බවත් තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් පෙන්වා දෙන පෙත්සම්කරු මෙවැනි අසාදු ලේඛන ගත කිරීමේ තීරණයක් ගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමාගෙන් කිසිදු නිදහසට කරුණු විමසීමක් සිදු නොකළ බවත් පෙන්වා දෙයි.

එමෙන්ම විශ්‍රාමික නිලධාරියෙකු සම්මත නීති පටිපාටින් අනුගමනය කිරීමකින් තොරව අසාදු ලේඛන ගත කිරීමට ගුවන් හමුදා රෙගුලාසි ප්‍රකාරව ගුවන් හමුදාපතිවරයා හෝ ඔහුගේ නියෝජිත නිලධාරීන්ට බලයක් හිමි වී නොමැති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවෙහි සිය මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අසාදු ලේඛන ගත කිරීම සිදු වු බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් කිසිදු අවස්ථාවක ගුවන් හමුදාවේ ගෞරවය උල්ලංඝනය කර නොමැති බවත් පෙන්වා දෙනවා.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අසාධු ලේඛන ගත කරමින් සිය විශ්‍රාමික වරප්‍රසාද හා අයිතිවාසිකම් අහිමි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්සිකරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5 ක වන්දියක් අය කර දෙන ලෙස නියම කරන මෙන් ද ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් ආයුධ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14