ජාතික කණ්ඩායමේ දොරටු ඇරගන්න තේරීම් කමිටුවෙන් ගේම ඉල්ලන ඉන්දීය පිතිකරුවා

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් තහවුරුකර ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින් තුළ පවතින්නේ දැඩි තරගකාරීත්වයක්.

ඒ හේතුවෙන් ඔවුන්ගේ දේශීය තරගවල දී සහ අයි.පී.එල්. වැනි ජාත්‍යන්තර මට්ටමේ තරග තුළ දී ඉන්දීය ක්‍රීඩකයින් සිය දක්ෂතාව උපරිමයෙන්ම ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ආකාරය දැකගත හැකි වනවා.

මේ වනවිට දක්ෂතා අතර සිටින එවැනි ක්‍රීඩකයෙක් ඉන්දීය, ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තරමක් තර්ජනාත්මක සිහිකැඳවීමක් කරන ආකාරය ඊයේ දක්නට ලැබුණා.

ඉන්දීය දේශීය තරග බිමේ ක්‍රියාත්මක රංජි කුසලාන තරගාවලිය තුළ ප්‍රබලතම පිතිකරුවා බවට පත්ව සිටින 25 හැවිරිදි සර්ෆරාස් ඛාන් මෙම සිහිකැඳවීම සිදුකරන ආකාරයි දැකගත හැකි වුණේ.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ ඉන්දීය සංචිතයට තම නම ඇතුළත්ව නොතිබීම සහ දක්ෂතා අතර උපරිම මට්ටමේ සිටින තමන්ට තවමත් ජාතික කණ්ඩායමේ දොරටු විවර නොවීම පිළිබදවත් තරමක අවේගශීලීව සර්ෆරාස් ඛාන් ඊයේ පැවති රංජි කුසලාන තරගයක් අතර තුර ලබාගත් ශතකය සමරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වනවිට දක්ෂතා අතර සිටින සර්ෆරාස් ඛාන් වැනි ක්‍රීඩකයින් කොදෙව් සංචාරය සඳහා නම් කළ ඉන්දීය සංචිතය ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රවීණයින් ක්‍රිකට් තේරීම් කමිටුවට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

හිටපු ක්‍රීඩක සුනිල් ගවස්කාර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පවසා ඇත්තේ සර්ෆරාස් වැනි ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට තම දක්ෂතා ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් රංජි කුසලානය වැනි තරගාවලි නවතා දමන ලෙසයි.

සර්ෆරාස් පළමු පෙළ තරග 37කදී ලකුණු 3505ක් රැස්කරගෙන ඇති අතර, 79.65ක ආකර්ෂණීය සාමාන්‍යයක් රඳවාගෙන සිටිනවා.

කෙසේ වෙතත් සෆ්රාස්ට ජාත්‍යන්තර තරගවරම් ලබා නොදීම සම්බන්ධයන් ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානියෙක් පවසා ඇත්තේ, ඔහුගේ ශාරීරික යෝග්‍යතාව තවමත් අවශ්‍ය මට්ටමට පැමිණ නොමැති බවත්, සර්ෆරාස් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය මත වැඩ කළ යුතුය යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
13
+1
1
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?