ජාතික කණ්ඩායමේ දොරටු ඇරගන්න තේරීම් කමිටුවෙන් ගේම ඉල්ලන ඉන්දීය පිතිකරුවා

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් තහවුරුකර ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින් තුළ පවතින්නේ දැඩි තරගකාරීත්වයක්.

ඒ හේතුවෙන් ඔවුන්ගේ දේශීය තරගවල දී සහ අයි.පී.එල්. වැනි ජාත්‍යන්තර මට්ටමේ තරග තුළ දී ඉන්දීය ක්‍රීඩකයින් සිය දක්ෂතාව උපරිමයෙන්ම ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ආකාරය දැකගත හැකි වනවා.

මේ වනවිට දක්ෂතා අතර සිටින එවැනි ක්‍රීඩකයෙක් ඉන්දීය, ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තරමක් තර්ජනාත්මක සිහිකැඳවීමක් කරන ආකාරය ඊයේ දක්නට ලැබුණා.

ඉන්දීය දේශීය තරග බිමේ ක්‍රියාත්මක රංජි කුසලාන තරගාවලිය තුළ ප්‍රබලතම පිතිකරුවා බවට පත්ව සිටින 25 හැවිරිදි සර්ෆරාස් ඛාන් මෙම සිහිකැඳවීම සිදුකරන ආකාරයි දැකගත හැකි වුණේ.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ ඉන්දීය සංචිතයට තම නම ඇතුළත්ව නොතිබීම සහ දක්ෂතා අතර උපරිම මට්ටමේ සිටින තමන්ට තවමත් ජාතික කණ්ඩායමේ දොරටු විවර නොවීම පිළිබදවත් තරමක අවේගශීලීව සර්ෆරාස් ඛාන් ඊයේ පැවති රංජි කුසලාන තරගයක් අතර තුර ලබාගත් ශතකය සමරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වනවිට දක්ෂතා අතර සිටින සර්ෆරාස් ඛාන් වැනි ක්‍රීඩකයින් කොදෙව් සංචාරය සඳහා නම් කළ ඉන්දීය සංචිතය ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රවීණයින් ක්‍රිකට් තේරීම් කමිටුවට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

හිටපු ක්‍රීඩක සුනිල් ගවස්කාර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පවසා ඇත්තේ සර්ෆරාස් වැනි ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට තම දක්ෂතා ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් රංජි කුසලානය වැනි තරගාවලි නවතා දමන ලෙසයි.

සර්ෆරාස් පළමු පෙළ තරග 37කදී ලකුණු 3505ක් රැස්කරගෙන ඇති අතර, 79.65ක ආකර්ෂණීය සාමාන්‍යයක් රඳවාගෙන සිටිනවා.

කෙසේ වෙතත් සෆ්රාස්ට ජාත්‍යන්තර තරගවරම් ලබා නොදීම සම්බන්ධයන් ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානියෙක් පවසා ඇත්තේ, ඔහුගේ ශාරීරික යෝග්‍යතාව තවමත් අවශ්‍ය මට්ටමට පැමිණ නොමැති බවත්, සර්ෆරාස් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය මත වැඩ කළ යුතුය යන්නයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54