Empty Ad
AFC Banner
Empty Ad

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව සහ කඩිනම්ව ක්‍රියාත්මක විය යුතු කරුණු රැසක් සම්බන්ධයෙන් ඊයේ (27) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

දීර්ඝ කාලයක සිට රට හමුවේ ඇති ප්‍රධාන අවශ්‍යතාවක් සපුරාලමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන්ව තිබෙනවා .

එය ඉදිරි සති කිහිපය ඇතුළත දී ඉදිරිපත් කරන බව ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් පවසා සිටියේ.

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳවත් විෂය නිර්දේශ ආවරණය කර ඇති සීමාවන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමුව තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී ක්ෂේත්‍ර ගණනාවකින් ලැබුණු සහාය අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ නිලධාරීන්ගේ පැසසුමට ලක් වුණා.

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර පාසලින් පිටව යන දරුවාට කාලය ගත නොකර අනාගතය වෙත පිවිසිය යුතු මාර්ගය නිවැරදිව පෙන්නුම් කරන ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් එහිදී සඳහන් කර සිටියා.

මේ අතර තෝරා ගනු ලබන විෂය ක්ෂේත්‍රය කුමක් වුවත් සෑම සිසුවෙකුට ම තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට අවස්ථාව සැලසෙන පරිදි විෂය නිර්දේශයන් සකස් වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පාසල් සංවර්ධනය, නිල ඇඳුම්, පෙළ පොත් සහ ගුරු පුහුණුව ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදුම්කරුවන් CIDයෙන් එළියට ඇවිත් - කළ විශේෂ ප්‍රකාශය
05:39
Video thumbnail
රිලව් මොණරු අල්ලන එක - ප්‍රායෝගික වැඩක් නෙවෙයි - මෙයාලා මේ ඇදගෙන නාන්නේ
07:30
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
05:47:19
Video thumbnail
රවී කුමුදේශ් ඇමති නලින්දට - වගකීම මතක් කරයි #nalindajayatissa
02:34
Video thumbnail
ආසාද් සාලි ආණ්ඩුවට අමුවෙන්ම දෙසයි - ඡන්දෙ දීපු අයට රිදෙයි - කරන්න දෙයක් නෑ
04:42
Video thumbnail
මාලිමාවේ මහින්ද ටියුෂන් පටන් ගනියි
16:06
Video thumbnail
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්
04:23
Video thumbnail
සුමන්තිරන් මාධ්‍ය හමුවක් තියලා ගේම ඉල්ලයි - බඩුම තමයි
02:46
Video thumbnail
තාම කස කාරයෝ යන්නේ - පෙරහැර එන්නේ පස්සේ
00:14

?