ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව සහ කඩිනම්ව ක්‍රියාත්මක විය යුතු කරුණු රැසක් සම්බන්ධයෙන් ඊයේ (27) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

දීර්ඝ කාලයක සිට රට හමුවේ ඇති ප්‍රධාන අවශ්‍යතාවක් සපුරාලමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන්ව තිබෙනවා .

එය ඉදිරි සති කිහිපය ඇතුළත දී ඉදිරිපත් කරන බව ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් පවසා සිටියේ.

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳවත් විෂය නිර්දේශ ආවරණය කර ඇති සීමාවන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමුව තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී ක්ෂේත්‍ර ගණනාවකින් ලැබුණු සහාය අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ නිලධාරීන්ගේ පැසසුමට ලක් වුණා.

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර පාසලින් පිටව යන දරුවාට කාලය ගත නොකර අනාගතය වෙත පිවිසිය යුතු මාර්ගය නිවැරදිව පෙන්නුම් කරන ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් එහිදී සඳහන් කර සිටියා.

මේ අතර තෝරා ගනු ලබන විෂය ක්ෂේත්‍රය කුමක් වුවත් සෑම සිසුවෙකුට ම තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට අවස්ථාව සැලසෙන පරිදි විෂය නිර්දේශයන් සකස් වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පාසල් සංවර්ධනය, නිල ඇඳුම්, පෙළ පොත් සහ ගුරු පුහුණුව ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

  1. මුලින්ම කරන්න ඕන දේ තමයි පාසල් අද්‍යාපනය පටන් ගන්න දරුවන්ට අවංක කම හා හොඳ නරක ගැන උගන්වන එක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14