මැදපෙරදිග කලාපයේ ඉහළ යන ආතතීන් හේතුවෙන් මාර්තු 25-27 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීම කල් දමා ඇති බව වාර්තා වනවා.
කටාර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.
2026 ICC විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයට පෙර, සාමාජික රටවල් සමඟ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණය දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් එම මහා සභා රැස්වීම වෙනත් රටක සත්කාරකත්වයෙන් එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.
මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් මෙල්බර්න් හි සිටින බවට විශ්වාස කෙරෙන බැවින්, රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැති බව සඳහන්..
ඊට අමතරව, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොෂ්සින් නක්වි ද මෙම මහා සභා රැස්වීමට සහභාගී නොවන බවටයි තොරතුරු වාර්තා වුණේ.
මේ අතර, ICC සභාපති ජේ ෂාගේ නිජබිම වන අහමදාබාද්හි පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයට ICC නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියා.













