ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීම දින නියමයක් නැතිව කල් යයි

මැදපෙරදිග කලාපයේ ඉහළ යන ආතතීන් හේතුවෙන් මාර්තු 25-27 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීම කල් දමා ඇති බව වාර්තා වනවා.

කටාර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

2026 ICC විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයට පෙර, සාමාජික රටවල් සමඟ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණය දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් එම මහා සභා රැස්වීම වෙනත් රටක සත්කාරකත්වයෙන් එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් මෙල්බර්න් හි සිටින බවට විශ්වාස කෙරෙන බැවින්, රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැති බව සඳහන්..

ඊට අමතරව, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොෂ්සින් නක්වි ද මෙම මහා සභා රැස්වීමට සහභාගී නොවන බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර, ICC සභාපති ජේ ෂාගේ නිජබිම වන අහමදාබාද්හි පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයට ICC නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26