ජස්ප්‍රිත් බුම්රා ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිල නිවේදනයක්

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී නොවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (03) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිව යන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දුන්නේ.

මීට සති දෙකකට පමණ පෙර ජාත්‍යන්තර මාධ්‍ය බුම්රාගේ මෙම පුවත වාර්තා කර තිබුණ ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර තිබුණේ නැහැ.

එවන් තත්ත්වයක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සෞරෝ ගංගුලි පසුගිය සතියේ ට්විටර් පණිවුඩයන් නිකුත් කරමින් පැවසුවේ බුම්රා තවමත් ලෝක කුසලානයට එක්වන ඉන්දීය සංචිතයෙන් ඉවත්කර නොමැති බවයි.

බුම්රාගේ පිට කොන්දේ ඇතිව ඇති ආබාධය හේතුවෙන් ඔහුට සති හයක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවන බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය ආරම්භයට පෙර පැවති පුහුණුවීම් අතර තුර බුම්රාගේ ආබාධය පිළිබඳ පළමුව දැනගන්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?