ජස්ප්‍රිත් බුම්රා ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිල නිවේදනයක්

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී නොවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (03) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිව යන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දුන්නේ.

මීට සති දෙකකට පමණ පෙර ජාත්‍යන්තර මාධ්‍ය බුම්රාගේ මෙම පුවත වාර්තා කර තිබුණ ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර තිබුණේ නැහැ.

එවන් තත්ත්වයක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සෞරෝ ගංගුලි පසුගිය සතියේ ට්විටර් පණිවුඩයන් නිකුත් කරමින් පැවසුවේ බුම්රා තවමත් ලෝක කුසලානයට එක්වන ඉන්දීය සංචිතයෙන් ඉවත්කර නොමැති බවයි.

බුම්රාගේ පිට කොන්දේ ඇතිව ඇති ආබාධය හේතුවෙන් ඔහුට සති හයක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවන බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය ආරම්භයට පෙර පැවති පුහුණුවීම් අතර තුර බුම්රාගේ ආබාධය පිළිබඳ පළමුව දැනගන්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21