ජපානයේ ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ජපානයේදී ශ්‍රී ලාංකිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මියගිය තරුණයෙකුගේ දේහය මෙරටට රැගෙන විත් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙවිනුවර කපුගම උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක්.

ඔහුගේ දේහය ඊයේ කටුනායක ගුවන්තොටුපලින් මෙරටට රැගෙන පැමිණ තිබෙනවා.

මෙම තරුණයා ජපානයේ රැකියාවකට ගොස් වසරකට ආසන්න කාලයක් ගතවන අතර ගැටුමේදී පහරකෑමෙන් තුවාල ලැබූ ඔහු පසුගිය 15 වනදා සිට එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිට තිබුණා.

එහිදීයි ඉසුරු ශාලින්ද නැමති මෙම තරුණයා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු ඊයේ මෙරටට එවා තිබෙනවා.

මෙම තරුණයාගේ දෙමව්පියන් සහෝදරයා සහ සහෝදරිය ඉල්ලා සිටින්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙසටයි.

පහරදීමකින් සිදුවූ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බවට මරණ පරීක්ෂණය දි හෙළි වී ඇති බව ඥාතීන් ප්‍රකාශ කරන අතර සැකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම තරුණයා ජපානයේ රැකියාව සඳහා පිටත්ව ගොස් ඇත්තේ තම පියා වඩු කර්මාන්තයෙන් ජීවත් වූ මැෂිම විකුණා ලබාගත් මුදලින්.

මෙම මරණයේ අවසන් කටයුතු ද ඥාති හිතවතුන්ගේ මුදලින් සිදුවන අතර ජපාන රජයෙන් හෝ කිසිදු වන්දි මුදලක් ලැබී නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
10
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10