spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපානයේ ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ජපානයේදී ශ්‍රී ලාංකිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මියගිය තරුණයෙකුගේ දේහය මෙරටට රැගෙන විත් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙවිනුවර කපුගම උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක්.

ඔහුගේ දේහය ඊයේ කටුනායක ගුවන්තොටුපලින් මෙරටට රැගෙන පැමිණ තිබෙනවා.

මෙම තරුණයා ජපානයේ රැකියාවකට ගොස් වසරකට ආසන්න කාලයක් ගතවන අතර ගැටුමේදී පහරකෑමෙන් තුවාල ලැබූ ඔහු පසුගිය 15 වනදා සිට එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිට තිබුණා.

එහිදීයි ඉසුරු ශාලින්ද නැමති මෙම තරුණයා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු ඊයේ මෙරටට එවා තිබෙනවා.

මෙම තරුණයාගේ දෙමව්පියන් සහෝදරයා සහ සහෝදරිය ඉල්ලා සිටින්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙසටයි.

පහරදීමකින් සිදුවූ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බවට මරණ පරීක්ෂණය දි හෙළි වී ඇති බව ඥාතීන් ප්‍රකාශ කරන අතර සැකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම තරුණයා ජපානයේ රැකියාව සඳහා පිටත්ව ගොස් ඇත්තේ තම පියා වඩු කර්මාන්තයෙන් ජීවත් වූ මැෂිම විකුණා ලබාගත් මුදලින්.

මෙම මරණයේ අවසන් කටයුතු ද ඥාති හිතවතුන්ගේ මුදලින් සිදුවන අතර ජපාන රජයෙන් හෝ කිසිදු වන්දි මුදලක් ලැබී නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
10
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?