ජනප්‍රිය බොලිවුඩ් නිළියක් ලොව ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමකින් වන්දි ඉල්ලයි

ජනප්‍රිය බොලිවුඩ් නිළි රිමි සෙන් ලොව ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක්වන ලෑන්ඩ් රෝවර් සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවක් පවරා තිබෙනවා.

ඇය ලෑන්ඩ් රෝවර් සමාගමෙන් ඉන්දීය රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලා මෙලෙස නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය ලෑන්ඩ් රෝවර් වර්ගයේ මෝටර් රථයේ අලුත්වැඩියාවන් සම්බන්ධයෙන් දැඩි මානසික හිරිහැරයකට මුහුණ දුන් බව පවසමින් මෙම වන්දි නඩුව පවරා ඇති බවයි වාර්තා වන්නේ.

රිමි සෙන් 2020 වසරේ දී රුපියල් ලක්ෂ 92 කට ලෑන්ඩ් රෝවර් වර්ගයේ මෝටර් රථක් මිල දී ගෙන ඇති අතර, 2023 වසරේ ජනවාරි දක්වා ඊට වලංගු වගකීම් සහිතයක් ලබා තිබෙනවා.

කෙසේ වෙතත්, COVID-19 වසංගතය සහ පසුව ඇති වූ අගුලු දැමීම් හේතුවෙන්, සීමාවන් ඉවත් කරන තෙක් මෝටර් රථය බොහෝ දුරට භාවිතයට නොගෙන පැවති බවයි ඇය පවසන්නේ.

පසුව ඇය වාහනය බහුලව භාවිත කිරීමට පටන් ගත් විට, එම රථයේ බොහෝ දෝෂ ඇති වූ බවයි චෝදනා කරන්නේ.

පසුපස කැමරාවේ දෝෂයක් හේතුවෙන් මෝටර් රථය එක් අවස්ථාවක කණුවක ද ගැටුණු බවට ද ඇය පවසා සිටිනවා.

මෝටර් රථයේ මෙම ගැටළු පිළිබඳව අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබියදීත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවත් ඇයගේ පැමිණිල්ලේ සඳහන්.

රථයේ ඇති වූ දෝෂ අලුත්වැඩියා කිරීමේ දී තව තවත් දෝෂ ඇති වූ බවත් ඒ හේතුවෙන් තමන් දැඩි මානසික හිරිහැරයකට මුහුණ දුන් බවයි බොලිවුඩ් නිළි රිමි සෙන් සිදුකළ පැමිණිල්ල මඟින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
42
+1
1
+1
3
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?