ජනප්‍රිය ඉන්දීය නළු මෝහන්ලාල් සහ කුංචකෝ බොබන් දිවයිනට (ඡායාරූප)

ජනප්‍රිය දකුණු ඉන්දීය නළුවන් දෙදෙනෙක් වන මෝහන්ලාල් විශ්වනාත් සහ කුංචකෝ බොබන් දිවයිනට පැමිණ තිබෙනවා.

මොවුන් දෙදෙනා අද (15) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දියාවේ කොචින් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 166 දරණ ගුවන් යානයෙන් මෙම ජනප්‍රිය නළුවන් දෙදෙනා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මෙරට දී රූගත කෙරෙන ‘පේට්‍රියට්’ සිනමා පටයේ රූගත කිරීම් වෙනුවෙන් මෙම දකුණු ඉන්දීය නළුවන් දෙදෙනා මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

මොවුන්ව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශයේ සංචාරයක ප්‍රවර්ධනය සඳහා විදේශීය චිත්‍රපට අංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?