AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සහ එක්සත් ජනපද තානාපතිනි අතර හමුවක් (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩ ව වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

මෙම අවස්ථාවට අමෙරිකානු ජ්‍යේෂ්ඨ නියෝජිතයින් පිරිසක් ද එක් වුණා.

WhatsApp Image 2024 10 01 at 11.00.48
WhatsApp Image 2024 10 01 at 11.00.47 1
WhatsApp Image 2024 10 01 at 11.00.47
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?