ජනපති රනිල්ගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය අංශයෙන් නිකුත් කෙරුණු අතර; කොළඹ පැවති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මෙම කරුණු ප්‍රකාශ කළා.

21 වැනි සියවසේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය ජයගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් හෝ දර්ශනයක් ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ නොමැති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කර ඇති බවයි එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

එහිදී එළඹෙන මැතිවරණය පිළිබඳ ව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, එය රටේ දිශානතිය ආර්ථික සාමාජීය සහ අධ්‍යාත්මික වශයෙන් වෙනස් කරන සහ මෙරට ජනතාවගේ පුරවැසි බලය තරවුරු කරන ක්‍රියාවලියක් බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටළු පිළිබඳ ව අදහස් දක්වමින් අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය විය යුතු ආකාරය පිළිබඳ ව ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වූවා.

තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ආමාත්‍යවරයා සඳහන් කළේ; මෙරට අධ්‍යාපන ක්‍රමය ගොඩ නැගීමට සහ සංවර්ධනයට රනිල් වික්‍රමසිංහ ප්‍රබල දායකත්වයක් ලබා දුන් බවයි.

එමෙන්ම එළඹෙන අගෝස්තු 29 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් වන බවත් එම ප්‍රකාශය නිකුත් වනවාත් සමගම තමන් මාධ්‍ය සමග ප්‍රසිද්ධ සාකච්ඡාවකට එක්වීමට කැමැත්තෙන් සිටින බවත් මෙම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?