ජනපති රනිල්ගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය අංශයෙන් නිකුත් කෙරුණු අතර; කොළඹ පැවති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මෙම කරුණු ප්‍රකාශ කළා.

21 වැනි සියවසේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය ජයගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් හෝ දර්ශනයක් ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ නොමැති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කර ඇති බවයි එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

එහිදී එළඹෙන මැතිවරණය පිළිබඳ ව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, එය රටේ දිශානතිය ආර්ථික සාමාජීය සහ අධ්‍යාත්මික වශයෙන් වෙනස් කරන සහ මෙරට ජනතාවගේ පුරවැසි බලය තරවුරු කරන ක්‍රියාවලියක් බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටළු පිළිබඳ ව අදහස් දක්වමින් අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය විය යුතු ආකාරය පිළිබඳ ව ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වූවා.

තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ආමාත්‍යවරයා සඳහන් කළේ; මෙරට අධ්‍යාපන ක්‍රමය ගොඩ නැගීමට සහ සංවර්ධනයට රනිල් වික්‍රමසිංහ ප්‍රබල දායකත්වයක් ලබා දුන් බවයි.

එමෙන්ම එළඹෙන අගෝස්තු 29 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් වන බවත් එම ප්‍රකාශය නිකුත් වනවාත් සමගම තමන් මාධ්‍ය සමග ප්‍රසිද්ධ සාකච්ඡාවකට එක්වීමට කැමැත්තෙන් සිටින බවත් මෙම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17