ජනපති මැදුරින් හමු වූ මුදල් ගැන පොලිස් විමර්ශන ප්‍රමාදයි

ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රු.ලක්ෂ එක්දහස් හත්සිය අසූපහක මුදල කොටුව පොලීසිය වෙත භාරදී තිබුණද , ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම ප්‍රමාද කරමින් තිබෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය .

පසුගිය 10 වැනිදා මෙම මුදල් කොටුව පොලීසිය වෙත භාරදී තිබෙන බවත් , මෙම මුදල් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් විසින් පෙරේදා ( 11 ) කොටුව පොලීසියට පැමිණිලි කළ බවත් හෙතෙම පවසා සිටියේය . අඩුම වශයෙන් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය ඊයේ ( 12 දා ) දිනයේදීත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත් මේ නිසා මෙම මුදල් සම්බන්ධයෙන් පක්‍ෂණයක් සිදුකරන ලෙස ඊයේ දිනයේදීත් නීතිඥවරුන් සමග ගොස් කොටුව පොලීසියෙන් ඉල්ලීම් කළ බවත් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?