මැතිවරණය සම්බන්ධ පැමිණිලි 153ක් කොමිසමට ගිහිං

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ; අද (02) පෙරවරුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වෙන අතර ලබන සතියේ දී අමාත්‍යාංශ ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

ඊට මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් එක් වනු ඇති.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ දිස්ත්‍රික්ක 11ක මැතිවරණ ආරක්ෂක රාජකාරී සඳහා දැනටමත් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවයි.

අද (02) දිනයේ දී සෙසු දිස්ත්‍රික්ක සඳහා ද නිලධාරීන් යෙදවීමට නියමිත බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට ලබන සතියේ දී පැමිණෙන අතර මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමත්; ඊට අදාළ ව රට තුළ ක්‍රියාත්මක නීතිය පිළිබඳ ව ඔවුන් වෙත යළි අවධාරණය කිරීමත් මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බවයි.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ද කොළඹට කැඳවා මැතිවරණ නීතිය පිළිබඳ දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනි දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයින් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනය කිරීමත් සමග පළමු ඇප මුදල් තැන්පත් කරන්නේ ලෙස වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මුදල් සිය නීතිඥවරු මාර්ගයෙන් තැන්පත් කරනු ලැබුවා.

එහිදී ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ තමන් මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවයි.

මැතිවරණය පැවැත්වීමේ දිනය නිවේදනය කිරීමත් සමග ඊයේ (01) පස්වරුව වන විට ජනාධිපති අපේක්ෂකයින් 10 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අතර ස්වාධීන අපේක්ෂකයින් තිදෙනෙක් සහ පිළිගත් දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ නියෝජනය කරමින් හත් දෙනෙකු එක් ව සිටිනවා.

මේ වනවිට ඇප මුදල් තැන්පත් කර අවසන් අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ.එස්.පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරනායක, විජේදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය ඇතුළත්.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් මෙම මස 05 වැනිදායින් අවසන් වන අතර; ඊට අදාළ අයදුම් කිරීම් දිස්ත්‍රික් මැතිවරණ
ලේකම් කාර්‍යාලය වෙත භාරදීමට කටයුතු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණය ආශ්‍රිත ව පැමිණිලි 153 ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් බහුතරය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්.

රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි ද ඒ අතර වනවා.

එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

මේ අතර, පොලිසිය පැවසුවේ, ජනාධිපතිවරණය ආශ්‍රිතව එක් පැමිණිල්ලක් පමණක් මේ වනවිට ලැබී ඇති බවයි.

ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 40 ක් මේ වනවිට වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58