ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ ණය අනුමැතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (21) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ පුවත ඊයේ රාත්‍රියේ රජය නිවේදනය කළා.

ඒ, අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ ශ්‍රී ලංකා සඳහා ඩොලර් බිලියන 03කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බවයි.

මෙම මූල්‍ය පහසුකම මාස 48ක කාල රාමුවක් සඳහා අදාළ වන අතර, මේ යටතේ ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතිය පළ කරනු ලැබුවා.

සියලු මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පූර්ණ විනිවිදභාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමණාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාරභාවය අත්පත් කර ගැනීමට කැපවී කටයුතු කරන බවද ජනාධිපතිරවයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?