ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ ණය අනුමැතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (21) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ පුවත ඊයේ රාත්‍රියේ රජය නිවේදනය කළා.

ඒ, අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ ශ්‍රී ලංකා සඳහා ඩොලර් බිලියන 03කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බවයි.

මෙම මූල්‍ය පහසුකම මාස 48ක කාල රාමුවක් සඳහා අදාළ වන අතර, මේ යටතේ ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතිය පළ කරනු ලැබුවා.

සියලු මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පූර්ණ විනිවිදභාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමණාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාරභාවය අත්පත් කර ගැනීමට කැපවී කටයුතු කරන බවද ජනාධිපතිරවයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53