ජනතාව පෝලිම්වල සිටිනවා දකින විට මට මහත් දුකක් දැනෙනවා

”ජනතාව පෝලිම්වල සිටිනවා දකින විට මට මහත් දුකක් දැනෙනවා” යැයි වාරිමාර්ග ඇමති චමල් රාජපක්‍ෂ පැවසීය.

කොළඹ ඊයේ (මාර්තු 29) පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පවසා සිටියේ, තමන්ට තවම ත් ගමට යාමේ හැකියාව ඇති නමුත් ජනතාව පෝලිම්වල සිටීම දුක් ගෙන දෙන්නක් බව ය.

මේ වන විට ත් පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉල්ලා අස්වීම් සිදු කිරීමෙන් ඵලක් නොමැති බව ත් අවශ්‍ය වන්නේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම බව ත් හෙතෙම කීය.

තෙල් සහ ගෑස් පෝලිම්ල සිටින ජනතාව ආණ්ඩුවට තදින් ‍දොස් පැවරීම පිළිබඳව ඉතා හොඳින් දැනුවත් නමුත් රජයෙන් ඒ සඳහා ලබා දෙන උත්තර ප්‍රමාණවත් නොවන බව ත් ඇමතිවරයා සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?