AFC Banner
Empty Ad
Empty Ad

ජගත් 20-20 පිටියේ මොංගෝලියාව ඉදිරියේ අමිහිරි වාර්තාවක්

විස්සයි විස්ස ක්‍රිකට් තරගයක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ අමිහිරි වාර්තාව තම නම ඉදිරියේ ලියාගන්නට මොංගෝලියානු විස්සයි විස්ස කණ්ඩායමට සිදු වුණා.

ඒ, සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස ලෝක කුසලානට සුදුසුකම් ලැබීමේ තරගයක දීයි.

මැලේසියාවේ බන්ගි හි පැවති මෙම තරගයේ දී සිංගප්පූරු පන්දු යවන්නන් ඉදිරියේ මොංගෝලියානු කණ්ඩායම පන්දුවාර 10ක් තුළ සියල්ලන් දැවී ලකුණු 10කට සීමා වුණා.

එහිදී 17 හැවිරිදි සිංගප්පූරු පන්දු යවන ක්‍රීඩක හර්ෂ භාරද්වාජ් ලකුණු 03කට කඩුලු 06ක් දවාගත්තා.

අනතුරුව ලකුණු 11ක ඉලක්කයක් හඹා ගිය සිංගප්පූරු කණ්ඩායම පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය පහසුවෙන් ජයගත්තා.

මොංගෝලියානු කණ්ඩායම මීට පෙර මෙම වසරේ මැයි මාසයේ දී ජපාන කණ්ඩායම හමුවේ ලකුණු 12ක දැවීගොස් තිබුණා.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
30
+1
6
+1
14
+1
4
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?