චීනය සහ පිලිපීනය අතර ආයෙත් විරසකයක්

මතභේදයට තුඩු දී ඇති ස්කාර්බරෝ ෂෝල් අසල දී පිලිපීන ධීවරයින් දෙදෙනෙකු බේරා ගැනීමට තම වෙරළාරක්ෂක භටයින් උදව් කළ බව චීනය ප්‍රකාශ කිරීමෙන් පසුව, පිලිපීනය චෝදනා කර ඇත්තේ චීන ජාතිකයන් තම බේරා ගැනීමේ උත්සාහයට බාධා කළ බවයි.

චීනයේ වෙරළාරක්ෂක (CCG) මුර නෞකාවක් වන 3105 සහ පිලිපීන වෙරළාරක්ෂක (PCG) යාත්‍රාව ඒ අසල ඇති අර්ධ ගිලී ගිය පිලිපීන ධීවර බෝට්ටුවක් සහිත වීඩීයෝ දර්ශන පෙලක් දෙපාර්ශ්වයම නිකුත් කළා.

ධීවර යාත්‍රාවේ එන්ජිමක් පිපිරී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් ධීවරයින් දෙදෙනාට බරපතළ තුවාල සිදු වී ඇති අතර බෝට්ටුව අර්ධ වශයෙන් ගිලී ගොස් තිබෙනවා.

“කුඩා බෝට්ටු මුදාහරිමින් ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කිරීම සඳහා විපතට පත් පිලිපීන ධීවර බෝට්ටුව තිබූ ස්ථානයට සීසීජී යාත්‍රාවක් ඉක්මනින් පැමිණියේය,” චීන වෙරළාරක්ෂක බලකායේ පවසනවා.

ජීවිතාරක්ෂක බෝට්ටු දෙකක් ගිලෙන බෝට්ටුව වෙත ළඟා වන අයුරුත් එහි සිටි නිල ඇඳුමින් සැරසී සිටි නිලධාරින් ජීවිතාරක්ෂක කබා ජලයේ සිටින පුද්ගලයෙකුට විසි කරන අයුරු වීඩියෝ පටයේ දැක්වෙනවා.

එහෙත් පිලිපීන වෙරළාරක්ෂක බලකාය චීන සිදුවීම් පිළිබඳ වාර්තාව ප්‍රතික්ෂේප කළා.

පිලිපීන බලධාරීන් පැවසුවේ චීන ජීවිතාරක්ෂක බෝට්ටු එම ප්‍රදේශයට යොමු කර තිබුණේ තුවාල ලැබූ පිලිපීන ධීවරයින් දෙදෙනා බේරා ගැනීමේ ඔවුන්ගේ උත්සාහයට බාධා කිරීමට බවයි.

“චීන වෙරළාරක්ෂක බලකායේ මැදිහත්වීම් නොතකා, PCG, පිලිපීන ධීවරයින් සමඟ සමීප සම්බන්ධීකරණයක් ඇතිව, [චීන බෝට්ටු] අභිබවා යාමට සහ තුවාල වූ ධීවරයින් ක්ෂණික ප්‍රථමාධාර ලබා දීමට සමත් විය,” පිලිපීන නිවේදනයේ සඳහන්.

පිලිපීනය විසින් පළ කරන ලද වීඩියෝවල දැක්වෙන්නේ පිලිපීන වෙරළාරක්ෂක භටයින් CCG මුර නෞකාව සහ කුඩා බෝට්ටු සෝදිසියෙන් සිටින අතරතුර ධීවර බෝට්ටුව ඉවතට ඇදගෙන යන ආකාරයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?