චීනය සහ පිලිපීනය අතර ආයෙත් විරසකයක්

මතභේදයට තුඩු දී ඇති ස්කාර්බරෝ ෂෝල් අසල දී පිලිපීන ධීවරයින් දෙදෙනෙකු බේරා ගැනීමට තම වෙරළාරක්ෂක භටයින් උදව් කළ බව චීනය ප්‍රකාශ කිරීමෙන් පසුව, පිලිපීනය චෝදනා කර ඇත්තේ චීන ජාතිකයන් තම බේරා ගැනීමේ උත්සාහයට බාධා කළ බවයි.

චීනයේ වෙරළාරක්ෂක (CCG) මුර නෞකාවක් වන 3105 සහ පිලිපීන වෙරළාරක්ෂක (PCG) යාත්‍රාව ඒ අසල ඇති අර්ධ ගිලී ගිය පිලිපීන ධීවර බෝට්ටුවක් සහිත වීඩීයෝ දර්ශන පෙලක් දෙපාර්ශ්වයම නිකුත් කළා.

ධීවර යාත්‍රාවේ එන්ජිමක් පිපිරී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් ධීවරයින් දෙදෙනාට බරපතළ තුවාල සිදු වී ඇති අතර බෝට්ටුව අර්ධ වශයෙන් ගිලී ගොස් තිබෙනවා.

“කුඩා බෝට්ටු මුදාහරිමින් ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කිරීම සඳහා විපතට පත් පිලිපීන ධීවර බෝට්ටුව තිබූ ස්ථානයට සීසීජී යාත්‍රාවක් ඉක්මනින් පැමිණියේය,” චීන වෙරළාරක්ෂක බලකායේ පවසනවා.

ජීවිතාරක්ෂක බෝට්ටු දෙකක් ගිලෙන බෝට්ටුව වෙත ළඟා වන අයුරුත් එහි සිටි නිල ඇඳුමින් සැරසී සිටි නිලධාරින් ජීවිතාරක්ෂක කබා ජලයේ සිටින පුද්ගලයෙකුට විසි කරන අයුරු වීඩියෝ පටයේ දැක්වෙනවා.

එහෙත් පිලිපීන වෙරළාරක්ෂක බලකාය චීන සිදුවීම් පිළිබඳ වාර්තාව ප්‍රතික්ෂේප කළා.

පිලිපීන බලධාරීන් පැවසුවේ චීන ජීවිතාරක්ෂක බෝට්ටු එම ප්‍රදේශයට යොමු කර තිබුණේ තුවාල ලැබූ පිලිපීන ධීවරයින් දෙදෙනා බේරා ගැනීමේ ඔවුන්ගේ උත්සාහයට බාධා කිරීමට බවයි.

“චීන වෙරළාරක්ෂක බලකායේ මැදිහත්වීම් නොතකා, PCG, පිලිපීන ධීවරයින් සමඟ සමීප සම්බන්ධීකරණයක් ඇතිව, [චීන බෝට්ටු] අභිබවා යාමට සහ තුවාල වූ ධීවරයින් ක්ෂණික ප්‍රථමාධාර ලබා දීමට සමත් විය,” පිලිපීන නිවේදනයේ සඳහන්.

පිලිපීනය විසින් පළ කරන ලද වීඩියෝවල දැක්වෙන්නේ පිලිපීන වෙරළාරක්ෂක භටයින් CCG මුර නෞකාව සහ කුඩා බෝට්ටු සෝදිසියෙන් සිටින අතරතුර ධීවර බෝට්ටුව ඉවතට ඇදගෙන යන ආකාරයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15