චීනයේ විරෝධය මැද ජපානය පිරිපහදු කළ න්‍යෂ්ටික ජලය මුහුදට මුදා හරී

ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිට පැසිෆික් සාගරයට පිරිපහදු කළ අපජලය මුදා හැරීම ආරම්භ කිරීමත් සමග කලාපය තුළ විරෝධතා මතුව තිබෙනවා.

චීනය ජපානයෙන් මුහුදු ආහාර ආනයනය ද සම්පූර්ණයෙන් නතර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය වන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් අනුමතකර තිබියදීත්, මෙම සැලැස්ම ජපානයේ ගැඹුරින් මතභේදයට තුඩු දී ඇති අතර ස්වදේශික ජනතාව ද සාගර දූෂණය පිළිබඳ කනස්සල්ල පළ කර තිබෙනවා.

ජපානයේ ධීවර කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම් සහ ඒ ආසන්න පුළුල් කලාපයම සිය ජීවනෝපය ගැන කනස්සල්ලට පත්ව සිටින්නේ, පාරිභෝගිකයන් විසින් මුහුදු ආහාර මිලට ගැනීම නතර කරනු ඇතැයි යන බිය නිසාවෙන්.

ජපානය විසින් සාගරය “පෞද්ගලික කුණුකාණුවක්” ලෙස සලකන බවට චීනය චෝදනා කරනවා.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ද “ඒක පාර්ශවීය” ලෙස කටයුතු කරන බවට විවේචනය කර තිබෙනවා.

දකුණු කොරියාවේ රජය සැලැස්මට විරෝධයක් නොමැති බවට ප්‍රකාශ කළ නමුත් එරට බොහෝ පුරවැසියන් එයට විරෝධය දක්වන බවයි වාර්තා වන්නේ.

ටැංකි 1000කට වැඩි සංඛ්‍යාවක් පිරීගොස් ඇති අතර, ජපානය පවසන්නේ බලාගාරය ආරක්ෂිතව ඉවත්කරගැනීම සඳහා අවශ්‍ය නව පහසුකම් ඉදිකිරීමට ටැංකි සහිත භූමිය අවශ්‍ය බවයි.

එම ටැංකි ස්භාවික ආපදාවක දී විනාශවීමට හැකි බව ද ජපානය පෙන්වා දී තිබෙනවා.

පිරිපහදු කළ අපජලය සාගරයට මුදාහැරීම න්‍යෂ්ටික බලාගාර විසින් සාමාන්‍යයෙන් සිදු කරන දෙයක් වුවත්, විචාරකයන් පෙන්වා දෙන්නේ ෆුකුෂිමා වෙතින් එන ප්‍රමාණය පෙර නොවූ විරූ ආකාරයේ අතිදැවැන්ත ප්‍රමාණයක් බවයි.

ටෙප්කෝ විසින් ෆුකුෂිමාහි ජලය එහි දියුණු ද්‍රව සැකසුම් පද්ධතිය (ALPS) මගින් පෙරීම සිදු කරන අතර, එය ට්‍රිටියම් හා කාබන් 14 හැර බොහෝ විකිරණශීලී ද්‍රව්‍යන් පිළිගන්නා ප්‍රමිතීන්ට අඩු කරනු ලබනවා.

ට්‍රිටියම් හා කාබන් 14 පිළිවෙළින් හයිඩ්‍රජන් හා කාබන්වල විකිරණශීලී ආකාරයන් වන අතර, ඒ නිසා ඒවා ජලයෙන් වෙන් කිරීම අපහසුයි. ඒවා පෘතුවි වායුගෝලයේ ඇති නිසා සහ ජල චක්‍රයට ප්‍රවේශ විය හැකි නිසා ස්වභාවික පරිසරයේ, ජලයේ සහ මනුෂ්‍යයන් තුළ පවා ඒවා පුළුල් ලෙස පැතිරී ඇති බව සඳහන්.

මේ දෙකම අඩු මට්ටම්වලින් විකිරණ විමෝචනය කරන නමුත් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීමෙන් අවදානමක් ඇතිවිය හැකි යි.

කිලෝමීටර 1ක භූගත උමඟකින් එය සාගරයට නිදහස් කිරීමට ප්‍රථම, පිරිපහදු කළ ජලය තවත් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට ලක්කෙරන අතර, ඉන් අනතුරුව ඉතිරි ද්‍රව්‍යයන්වල සාන්ද්‍රණය අඩු කිරීමට මුහුදු ජලය සමග තනුක කරනු ලබනවා. ටෙප්කෝ විසින්, විවිධ අදියවරවලදී පිරිසිදු කරන ලද ජලයේ විකිරණශීලීත්වය මෙන් ම අපජලය පිටකරන ස්ථානයේ සාගර ජලය ද අධීක්ෂණය කරනු ඇති.

ටෙප්කෝ පවසන්නේ හදිසි වෑල්ව පද්ධතිය මගින් තනුක නොකළ අපජලය වැරදීමකින් මුදාහැරීමක් නොකිරීමට සහතික වන බවත්, සුනාමි හෝ භූමිකම්පාවක දී ඉක්මනින් ම ජලය මුදාහරින ස්ථානය යන්ත්‍ර භාවිතයෙන් තොරව වසා දැමීමට සේවකයන්ට හැකි බවයි.

ජපන් රජය පවසන්නේ, මුදාහරින අවසන් අවස්ථාවේ ට්‍රිටියම්වල මට්ටම වන ලීටරයකට බැකරල් (විකිරණශීලීත්වය මණින මිනුම් ඒකකය) 1500ක් පමණ එනම්, න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වන නියාමකයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පානීය ජලය සඳහා අපේක්ෂා කරන මට්ටමටත් වඩා ආරක්ෂිත බවයි. කාබන් 14 මට්ටම ද ප්‍රමිතියට ඇති බව ටෙප්‍කෝ පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?