චීනයේ විරෝධය මැද ජපානය පිරිපහදු කළ න්‍යෂ්ටික ජලය මුහුදට මුදා හරී

ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිට පැසිෆික් සාගරයට පිරිපහදු කළ අපජලය මුදා හැරීම ආරම්භ කිරීමත් සමග කලාපය තුළ විරෝධතා මතුව තිබෙනවා.

චීනය ජපානයෙන් මුහුදු ආහාර ආනයනය ද සම්පූර්ණයෙන් නතර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය වන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් අනුමතකර තිබියදීත්, මෙම සැලැස්ම ජපානයේ ගැඹුරින් මතභේදයට තුඩු දී ඇති අතර ස්වදේශික ජනතාව ද සාගර දූෂණය පිළිබඳ කනස්සල්ල පළ කර තිබෙනවා.

ජපානයේ ධීවර කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම් සහ ඒ ආසන්න පුළුල් කලාපයම සිය ජීවනෝපය ගැන කනස්සල්ලට පත්ව සිටින්නේ, පාරිභෝගිකයන් විසින් මුහුදු ආහාර මිලට ගැනීම නතර කරනු ඇතැයි යන බිය නිසාවෙන්.

ජපානය විසින් සාගරය “පෞද්ගලික කුණුකාණුවක්” ලෙස සලකන බවට චීනය චෝදනා කරනවා.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ද “ඒක පාර්ශවීය” ලෙස කටයුතු කරන බවට විවේචනය කර තිබෙනවා.

දකුණු කොරියාවේ රජය සැලැස්මට විරෝධයක් නොමැති බවට ප්‍රකාශ කළ නමුත් එරට බොහෝ පුරවැසියන් එයට විරෝධය දක්වන බවයි වාර්තා වන්නේ.

ටැංකි 1000කට වැඩි සංඛ්‍යාවක් පිරීගොස් ඇති අතර, ජපානය පවසන්නේ බලාගාරය ආරක්ෂිතව ඉවත්කරගැනීම සඳහා අවශ්‍ය නව පහසුකම් ඉදිකිරීමට ටැංකි සහිත භූමිය අවශ්‍ය බවයි.

එම ටැංකි ස්භාවික ආපදාවක දී විනාශවීමට හැකි බව ද ජපානය පෙන්වා දී තිබෙනවා.

පිරිපහදු කළ අපජලය සාගරයට මුදාහැරීම න්‍යෂ්ටික බලාගාර විසින් සාමාන්‍යයෙන් සිදු කරන දෙයක් වුවත්, විචාරකයන් පෙන්වා දෙන්නේ ෆුකුෂිමා වෙතින් එන ප්‍රමාණය පෙර නොවූ විරූ ආකාරයේ අතිදැවැන්ත ප්‍රමාණයක් බවයි.

ටෙප්කෝ විසින් ෆුකුෂිමාහි ජලය එහි දියුණු ද්‍රව සැකසුම් පද්ධතිය (ALPS) මගින් පෙරීම සිදු කරන අතර, එය ට්‍රිටියම් හා කාබන් 14 හැර බොහෝ විකිරණශීලී ද්‍රව්‍යන් පිළිගන්නා ප්‍රමිතීන්ට අඩු කරනු ලබනවා.

ට්‍රිටියම් හා කාබන් 14 පිළිවෙළින් හයිඩ්‍රජන් හා කාබන්වල විකිරණශීලී ආකාරයන් වන අතර, ඒ නිසා ඒවා ජලයෙන් වෙන් කිරීම අපහසුයි. ඒවා පෘතුවි වායුගෝලයේ ඇති නිසා සහ ජල චක්‍රයට ප්‍රවේශ විය හැකි නිසා ස්වභාවික පරිසරයේ, ජලයේ සහ මනුෂ්‍යයන් තුළ පවා ඒවා පුළුල් ලෙස පැතිරී ඇති බව සඳහන්.

මේ දෙකම අඩු මට්ටම්වලින් විකිරණ විමෝචනය කරන නමුත් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීමෙන් අවදානමක් ඇතිවිය හැකි යි.

කිලෝමීටර 1ක භූගත උමඟකින් එය සාගරයට නිදහස් කිරීමට ප්‍රථම, පිරිපහදු කළ ජලය තවත් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට ලක්කෙරන අතර, ඉන් අනතුරුව ඉතිරි ද්‍රව්‍යයන්වල සාන්ද්‍රණය අඩු කිරීමට මුහුදු ජලය සමග තනුක කරනු ලබනවා. ටෙප්කෝ විසින්, විවිධ අදියවරවලදී පිරිසිදු කරන ලද ජලයේ විකිරණශීලීත්වය මෙන් ම අපජලය පිටකරන ස්ථානයේ සාගර ජලය ද අධීක්ෂණය කරනු ඇති.

ටෙප්කෝ පවසන්නේ හදිසි වෑල්ව පද්ධතිය මගින් තනුක නොකළ අපජලය වැරදීමකින් මුදාහැරීමක් නොකිරීමට සහතික වන බවත්, සුනාමි හෝ භූමිකම්පාවක දී ඉක්මනින් ම ජලය මුදාහරින ස්ථානය යන්ත්‍ර භාවිතයෙන් තොරව වසා දැමීමට සේවකයන්ට හැකි බවයි.

ජපන් රජය පවසන්නේ, මුදාහරින අවසන් අවස්ථාවේ ට්‍රිටියම්වල මට්ටම වන ලීටරයකට බැකරල් (විකිරණශීලීත්වය මණින මිනුම් ඒකකය) 1500ක් පමණ එනම්, න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වන නියාමකයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පානීය ජලය සඳහා අපේක්ෂා කරන මට්ටමටත් වඩා ආරක්ෂිත බවයි. කාබන් 14 මට්ටම ද ප්‍රමිතියට ඇති බව ටෙප්‍කෝ පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30