චීනයට කකුළුවන් අපනයනය කිරීම නතර වීමත් සමඟ සින්ද් වෙරළබඩ ප්‍රජාවන් අර්බුදයක

චීනයට කකුළුවන් අපනයනය කිරීම තහනම් කිරීමෙන් පසු තට්ටා, බඩින්, කරච්චි සහ සුජාවාල් දිස්ත්‍රික්කවල වෙරළ තීරයේ ජීවත් වන ධීවර ප්‍රජාව දැඩි දුෂ්කරතාවකට පත්ව තිබෙනවා.

තීරණයට නිශ්චිත හේතුවක් ලබා නොදී පසුගිය සති දෙක තුළ පකිස්ථානයේ වෙරළබඩ ප්‍රදේශවලින් කකුළුවන් සැපයීම චීන රජයේ බලධාරීන් විසින් අත්හිටුවා තිබෙනවා.

කකුළුවන් අපනයනය කිරීම තහනම් කිරීම හේතුවෙන් සින්ද් වෙරළබඩ තීරය පුරා මිලියනයකට ආසන්න ජනතාවක් ආර්ථික දුෂ්කරතාවන්ට සහ ජීවනෝපාය අවිනිශ්චිතතාවයකට මුහුණ දී සිටිනවා.

කකුළුවන් සැපයුම නැවැත්වීම හේතුවෙන් පකිස්ථානයට මිලියන 50 ක මූල්‍යමය පාඩුවක් සිදුවී ඇතැයි ධීවර සංගම් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
5
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !