Empty Ad
AFC Banner
Empty Ad

චාමරට ඇප – විදෙස් ගමන් තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හැර තිබෙනවා.

මන්ත්‍රීවරයා ව අද (27) දහවල් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවූ අවස්ථාවේදියි අත්අඩංගුවට ගැනුණේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර සිටියා.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියම කළා.

2016 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ළදරු පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා පළාත් සභාව හරහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් චෙක්පතක් වශයෙන් ලබාගෙන එය තම පදනම යටතේ මුදල් බවට පත්කර ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අසනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?