චාමරට ඇප – විදෙස් ගමන් තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හැර තිබෙනවා.

මන්ත්‍රීවරයා ව අද (27) දහවල් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවූ අවස්ථාවේදියි අත්අඩංගුවට ගැනුණේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර සිටියා.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියම කළා.

2016 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ළදරු පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා පළාත් සභාව හරහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් චෙක්පතක් වශයෙන් ලබාගෙන එය තම පදනම යටතේ මුදල් බවට පත්කර ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අසනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10