AFC Banner
AFC Banner
Empty Ad

චණ්ඩවන ‘බිපෝර්ජෝයි’ සුළි කුණාටුව ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

නැගෙනහිර- මධ්‍යම ආරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ‘බිපෝර්ජෝයි’ සුළි කුණාටුව අතිශය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ අංශ පවසනවා.

අද (11) පෙරවරු 11.30 වනවිට එය උතුරු අක්ෂාංශ 18.2ත් නැගෙනහිර දේශාංශ 67.7ත් ආශ්‍රිතව ස්ථානගතව පැවති බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව එය ඉදිරි පැය 24 තුළ උතුරු දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 13ත් 23ත් සහ නැගෙනහිර දේශාංශ 62ත් 70ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම ඉහත මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ද රළුවන අතර, තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ද ඇතිවිය හැකි බවයි දන්වා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
4
+1
11
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?