ඊයේ (07) උදෑසන මොරගොඩ පොලිස් වසමේ මානන්කට්ටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට මොරගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
අනතුරුව මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත සිදුකරන ලද පහරදීමක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා දානමය පිංකමකට සහභාගි වී නිවසට යමින් සිටියදී ඔහුගේ මස්සිනා සහ මස්සිනාගේ බිරිඳ අතර ඇති වූ බහින් බස්වීමක් සිදුව තිබෙනවා.
එම බහින් බස්වීම දුරදිග ගොස් ආරවුලක් ඇතිවීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි සිදුකළ විමර්ශනයේදී අනාවරනය වී ඇත්තේ.
මෙම ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 50 ක් වන සැකකරු හා වයස අවුරුදු 43 ක් වන සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ 60 හැවිරිදි මානන්කට්ටිය, මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයාගේ මළ සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මොරගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.